සාගර චන්දිමාල්

2023 මාර්තු කලාපය

අඳෝනාව..

රබන් හඬින් මුළු ගම දෙවනත් කරන්
මගුල් කෑවෙ දෙතුන් දොහක් පැණි පෙරන්
බඩට ආව විට පැටියෙක් දුක දරන්
තනිව යාම යෙහෙකි ද දිවියම ඉරන්..

උල ලේනිගෙ ගී හා මල් පිපිණි වරා
මද එළියේ සඳ පමණකි කඳුළු දරා
නිසල සිරුර වන මැද පෙර පෑව නුරා
කැලේ සතා හප කෙරුවා රුහිර උරා

අනෙ! අපොයි!! අම්මෝ!!!
නද නැගෙද්දී
බුලත් පත්‍ර දෙකට ඉරා නොදෙද්දී
මැතිරූ තෙල් ගෙනැවිත් නොම ගාද්දී
මැරුණත් පලි නොගනිද නූපදිද්දී..
View Poem