ඩිල්හාන් ෆොන්සේකා ඔස්ට්‍රේලියාව

2023 මාර්තු කලාපය

අඳුරට පළමුව

උදාවන කල දිනක කළුවර
බාඳුරාවක් තමයි සමුඳුර
අත වනා සැතපෙන්න රළ මත
ගිලින්නට දිනිසුරුව සැරසෙන

පයැද යනු මැන අතැර නගරය
සැඟවෙන්න පෙර ඉරෙහි රැස් කඳ

සුලඟ වුව දඟ වැඩිය සඳකට
වළා සළු පොට අතින් උදුරන
පැටි හසුන් කිටි කිටියෙ තද වෙන
පහන් කණු ඇත නුඹව කැදවන

පයැද යනු මැන අතැර නගරය
රැයක් සියුමැළි නොමැත ලඳකට

දවල් විළිකුන් සුරත් පළවැළ
වවුල් හපයකි රැයෙහි පුරවර
සිනාසුනු ඇස් ඉරෙහි එළියට
මත්ව දිළිසෙයි රැයෙහි මැදියම

පයැද යනු මැන අතැර නගරය
ඔබට හිමි ගම් දොරට හනිකට
View Poem