ශ්‍රීමතී සමරකෝන් - රාජගිරිය

2022 පෙබරවාරි කලාපය

අන්තිම ගමන

ලමා වියේ
පින්තූර, මුද්දර
ටොෆී කොළ
කුරුලු පිහාටු
එකතු කළ අපි

තරුණ වියේ
විලාසිතා
මැහුම්, ගෙතුම්
කෑම වට්ටෝරු
අඩු නැතුව
එකතු කල අපි

විවාපත් වු පසු
දු දරුවන්ගේ
පුංචි ඇදුම් ,පැලදුම්
ඔවුන් පලමුවෙන්
පාට කල සිතුවම්
ඔවුන් කුරුටු ගෑ දේ
ඔවුන් ගේ පත පොත
ආදී නොයෙක් දේ
එකතු කල අපි

මැදිවියට ආ පසු
බන භාවනා
පත පොත
අධ්‍යාත්මික ලිපි
ආදිය එකතු කල අපි

එහෙත් ඒ එකම
දෙයකින්වත්
හරිහැටි ප්‍රයෝජන‍යක්
නොගත් අපි
View Poem