
අදත් තනියෙන් මේනකා…
නිමිත්ත;
‘තුංග උතුවන් කන්ද පාමුළ
කෝපි මල් අහුරක් දරා…
මම්මලේ මට ඇහෙනවා බං
ඉකි බිඳින හඬ මේනකා ….’
(වර්ෂ 1864ක් වූ මැයි මස සත් වෙනිදා බෝගම්බර දීය )
~රුවන් බන්දුජීව~
(මීළඟ මීවිත)
——————-
අරගලයක ශේෂය
කග සුරත ගෙන රණ බිමට බට
මහා කළු හෙළයෙක් නිසා
කිඳුරු කව සිය ළෙහි හොවා
සෝමාවතිය සිරගත වුනා
බැද්ද මැද්දෙදි ළය දැදුරු කළ
ඒ කිඳුරු කව හිත දරා
තුංග උතුවන් කන්ද පාමුළ
අදත් තනියෙන් මේනකා…
( වර්ෂ 2022 ක් වූ ජුලි මස නව වනදා වැලිකඩ දීය )