ලාල් හෑගොඩ  

2022 දෙසැම්බර් කලාපය

අතුරුදහන්‌ වූ කවියා

කවියෙකි

පොත්‌ දැකුම්‌ වලදී හමු වූ

රඟහල කෙළවර අසුනේ හිඳිමින

මනමේ කුමරිට පෙම්‌ බැඳි

'වීනස්‌ උපත’ ළඟ කලාගාරයේ

නිනර හමුවිය හැකි විය මේ කවියා

රන්‌ සළු දොවනා වෙරළ ඉමේ

පා සටහන්‌ කෙළවර පොඩියට දුටු

අවන්හල වසනා පැයේ

කුසලානෙහි අවසන්‌ බිඳ හා

සංවාදයෙහි යෙදී

දුන්‌ ඔහු නැත

අවසන්වර දූක ඇත්තේ

බගවන්තලාවේ කඳු ගැටයක්‌ කෙළවර

හුදකලාව

මීඳුම්‌ සළුවක පැටලී

දැන්‌ අතුරුදහන්‌ රටේත්‌ නැත

නගරය මැද එළිමහනේ

තරුණ තරුණියන්‌ එකාවන්ව

කිටි කිටියේ

සටන්‌ පාඨ නැත එහි

පොර කෑමක්‌ වාගේ උන්‌ උන්ම

දුරකතන රැහැන්‌ අවහිරවේ

ඇමතුමක්‌ යයි රහස්‌ මඟ

සුරාකන ලෙවකන

ලෙවකකා සූරාකන

අවලන්‌ පාහර නඩය තිගැස්සුනි

සඟවා තැබූ කඩු කිණිසි පොලු

පණ ලබන්නට ලඟය

පොලිස්‌ ඉවකරුවන්ගෙන්‌

ඇමතුමක්‌

සර්‌ මේක දේශපාලන ප්‍රශ්නයක්‌ නොවේ

පින්තූරයක්‌ උදුරා ගන්නට පොර කෑමක්‌

"මොනවා

මොකක්ද පින්තූරය "

හොයාගන්න බැ සර්‌

පොර කාලා පොර කාලා

පොඩි කෑලි කෑලි කැඩිලා

"කවුද කට්ටිය"

අරගොල්ලො නෙවෙයි සර්‌

රසිකයො කියලා අලුත්‌ කට්ටියක්‌

"එහෙනම්‌ අතෑරලා දානවා

කොකටත්‌ සුදානමින්‌ ඉන්නවා”

ටික වෙලාවකින්‌

බුද්ධි අංශයෙන්‌ පණිවිඩයක්‌

සර්‌ අර පින්තුරේ

අතුරුදහන්‌ වුණා කියන කවියගෙ
View Poem

WordPress database error: [You have an error in your SQL syntax; check the manual that corresponds to your MariaDB server version for the right syntax to use near ') AND meta_key = '_wp_attachment_metadata'' at line 1]
SELECT post_id, meta_value FROM `wp_postmeta` WHERE post_id IN () AND meta_key = '_wp_attachment_metadata'