
අතකස අබිමන් 86
හෙළ රස කවිය හිස මත්තේ තබා ගෙන
කවි කිවිඳියන් දෙපසේ පිරිවරා ගෙන
කවියෙන් දැයේ නව දියුණුව සොයාගෙන
අ.ත.ක.ස. මව අසූ හය වසට ළංවින
රජ මැති ඇමතිවරු කවි කිවිඳියන් සමගින
පොදු ජනතාව ගුරු දෙගුරුන්ද සිත් ගෙන
පාසල් දරුවනුත් කවිමගට අරගෙන
අ.ත.ක.ස පෙරට යයි අප සතුටු කරගෙන