තුෂාරි ජයසිංහ මහනුවර

2023 මැයි කලාපය

අකල් මරණය.

හිටි ගමන නැවතුන හදවත
ඉරී කැඩී විසිර ගිය
මරා දැමුවා නෙකවර
යදිද්දිත් පණ නල

කටොර ගිනි විසි කොට
යවුලින් ඇණ කනිනවිට සවන
රිදුම් දුන් සිත යැද්දේම
නිවුණු ගුණ පෙර

වියා මනරම් මකුළුදැල
ගල්වා විස නොගැලවෙන්නට
රඳවාගත් කෘමියෙක්‍ ය මා
නුඹේ සුව බොජුනට

බාඳුරාවක උපමා කුමට
රඳමි දිවි තුරාවට
කරන මෙහෙවර ඉටු කර
මෙත් වඩමි සැම විට

කලට නොව අකලට
කල් ඉකුත් වූ ආලය
ළඟා කෙරුවේ නුඹයි මසිතට
රුදුරු ඒඅකල් මරණය.

දෙවන උපතක් ඉතිරි නොකරම.

2023.04.07.
View Poem