ආවර්ජනා....!

ආවර්ජනා....!

ලලනී ගීකියනගේ රත්නපුර

රැයක සුපිපෙන මලක සුවඳට බඹර පහසක් අහිමි නම්.... දුරක ගිය නුඹ ආයේ ආවත් රකිනු කෙලෙසද හාදකම්...! අඳුර විනිවිද දකිනු රිසියෙනි සරසවියෙ බිම්කඩ උඩින්.. මහවැලියෙ ගං දියේ කිමිදී සිහිනයක දැවටී හොරෙන්...! හන්තාන කඳු වළලු සිප එන වලාකුළකට දුක කියන්... නුවර තේවා හඩින් මිලිනව වැව් දියේ දියරැළි සිහින්...! කඳුල යලි නෙත් පියන් හිරකර ඉකිබිඳී ප්‍රේමය දරන්.. හදේ ගැඹුරින් පිදූ සෙනෙහස තිබේ තවමත් නුඹ නමින්...! 2026 .09.29
කවිය බලන්න