මතු භවයෙත් ඇවිත් යන්න
පුරුදු ලෙසින් ලංඩන් කවියට පද හතරක් ගොතන්න
දිනිඳු මියෙන මොහොතක තනිවුනෙ දැහැනක සමවදින්න
මුරුදු හඬින් මසිත මටම මිමිනු පදවැල බලන්න
විරිඳු හඬින් ගයමින් ඒ රුව යළි සිහියට නගන්න
ඒ නම මතකයට ඒවී...
තරිඳු විලස නිලඹර හෙළ කලා ලොවේ දිලුනු එයා
සුරිඳු අණින් අපට හොරෙන් තිදස පුරට අරන් ගියා
මුනිඳු දෙසූ දහම විලස සැතපුණි යුග දෙනෙත පියා
විරිඳු ලොවේ අග රැජිණිය වුණු නෙල්ලම්පිටිය දයා
බුදු සමිඳුන් දෙසුව ලෙසට .....
හෙළ නැටුමට පණ පිඹින්න සිසු කැළකට ශිල්ප දුන්න
මිළ කළ හැකිවෙද ජන ගී රැස ඔබ ගී ලොවට දුන්න
se මිණි කැටයකි සිරිලක රළු ගල්කැට අතර උන්න
කළ මෙහෙයට ලද ඇගයුම මදිදෝ ඔබ නමට දුන්න
මැණිකකි රළු ගල් අතරට...
අම්මා සේ දරු කැළකට නිති යහගුණ කියා දුන්න
නම්මා සැම දන හදවත් පිරිපුන් දිවියක් ගෙවන්න
සම්මා සම්බුදු මුණි ගුණ විරිදු සුරල් මැද ග යන්න
නිම්මා නැති මේ සසරේ මතු භවයෙත් ඇවිත් යන්න
මතු භවයෙන් ඇවිත් යන්න...
කවිය බලන්න
