එමල නුඹම විය
අවන්හලක කලබල නගරේ
ඔබ දුන් මදහස සිත බැදුණේ
අරුමැසි සිහිනෙක ප්රිය දසුනක් වී
දැක ගන්නට හැකි දෝ මිහිරේ
තුන් සිත සනහන මනකල් ප්රේමය
නුහුරුයි මට තවමත් ළදුනේ
නුඹ අවුදින් ඒ හද පෙම් සිතුවම
සරසන්නද ඇරයුම් කෙරුවේ
පිපී දිලෙන තුරු වැල් ගොමුවේ
විසිතුරු නෙක නෙක මල් සුදිලේ
මහද සොරාගත් එමල නුඹම විය
නුඹ වෙත සිත කිමදෝ බැදුණේ
කවිය බලන්න
