සිත්තරා ඔබයි මා අඳින

සිත්තරා ඔබයි මා අඳින

ආරියරත්න ජයසිංහ මහරගම

පැන්සලෙන් ඇඳුණු කටු සටහන මත පින්සලෙන් ගෙන නෙක පැහැ උලමින නිමවමින් එ මත කටුක දිවි සිත්තම ඔබයි සිත්තරා මගේ හැඩරුව අඳින අමාවක රෑ අඳුර මුස කරමින එ මැද ඉසියුම් කණමැදිරි එළි දල්වන ඒ එළිය ගෙන මා තුළ ඇවිදින ඔබයි සිත්තරා අඳුරු අහුමුලු අඳින වලා කඳුළෙන් චණ්ඩ හිරු වසමින කඳුළු බිඳු මත ඉඳුදුන්න මවමින කඳුළට සතුටක් එක් කොට අනමින ඔබයි සිත්තරා මගේ හදවත අඳින.
කවිය බලන්න