කටු ඇනෙන හාද්දක් - කැළුම් චතුරංග
සිඹිමි ඔබ,
විඳිමි ඔබේ
කඳුළැල්ල, ඉකිබිඳුම,
ගැහෙන හද සමඟ
ඔබේ,
එක්වෙමි මමත්.
විඳිමි ඔබේ අත් පහස
මහා පවුරක් මතින්
විටින් විට.
හිනැහෙමින්, ඉපිලෙමින්,
කිතිකවමි මම
නිවන්නට ඔබේ
සංකාව.
සියුම් හෝ සිනාවක්
දකින්නට ඔබේ
මුවග.
නොපෙනුණත් සිපගන්න
ඔබේ අත්ල.
නොඅසමි, නොහඬවමි යළිත්.
නමුත්
කටු ඇනෙන හාද්දක්,
රළු අතක පහසකුත්
ලැබුණොතින්,
මියයන්න පෙර
ඉතින්,
කළලෙකට
සැනසුමක්.
Photo Credit: Anne Nygård
කවිය බලන්න
