හිත මත මතක අක්ෂර....
ඔබ....එය
බොහෝ කලකට පෙර
ලියා අහවර කලමුත්
මගේ හිත මත,
අරුත් පසිඳලනු නොහැකිව
සැරි සැරූයෙමි බොහෝ දුර
ගම් දනව් වල.
ඉඳහිට තොල ගෑ කෝපි සුවඳක් දිගේ
පැමිණියත් පැරණි මතකයන් වූ
ප්රේමයේ වටිනාම නටඹුන්
නැවත හාරා ගොඩගෙන
යළිත් නිදන් කලෙමි
සැහැසි ලෙසින්.
වෙහෙසව ගිමන් හල
නා නා ප්රකාර අම්බලම් වල
හමුවූ නන්නාඳුනනා බොහෝ
මිනිස් සන්තානයන් තුල ලියවුණු
කී නොකී කතා වල සැඟවුණු
පුරාවෘත්ත වී වැළලුනු
වීය ප්රේමයේ රුදුරු සලකුණු.
සීරුවෙන් කපා ඔප මට්ටම් කර
ලලාසාවන් සමග මුහු කර
ආදරේ යැයි මුලා කල.
අවසන පසක් විය
බොහෝ අයගේ සිත් තුළ
ඟරාකොටා නිදන්ව ඇති බව
කිසිවෙකුටත් හඳුනා ගත නොහැකි
අරුත් සුන්
ප්රේමයේ අක්ෂර!!!
Photo Credit: Daiga Ellaby
කවිය බලන්න
