දිගුකල් දිනේවා අප මිත්‍රයානෝ !

දිගුකල් දිනේවා අප මිත්‍රයානෝ !

අනුර හෑගොඩ

ගීතය කියන්නේ අමයුරු රසයක් ය සංගීතයත් ගීයත් මහ බලයක් ය දෙවගම සතු කෙනා ළඟ මහ සවියක් ය එඩ්වඩ් කියන්නේ පන්සිලු කුලයක් ය දුටුදා පටන් වෙනසක් නොම දුටු සබඳ මිතු මිතුරියන් හදවත් සනසන පැහැද නොදත් දත් සැමට පෑ එක ලෙස සුහද එඩ්වඩ් ජයකොඩිය හෙළ ධජයකි නිබඳ තනවා ලොවට දුන් ගී සිසු පරපුරක ගී හඬ දියත විසිරෙනු දැක දැක ළයෙක තුටුවන දිස ගුරුන් ගුත්තිල නොවු දිනෙක සිරිලක ගී පොතේ සටහන් ඇත මතක සුවසක් සිත්සතන් නිති පිනු දයානෝ දහසක් සිසුන් බිහිකළ ගුරු පියානෝ යහපත් මිතුරි චරිතා සහ ළයානෝ දිගුකල් දිනේවා අප මිත්‍රයානෝ !
කවිය බලන්න