ගස් වැල් මල් සමග පිළිසඳරක්
දීර් ගතම සිසිරය ගෙවීගිහින්
දීර් ගතම රාත්රීන් හා ශීතල
සමුදීලා අපට
දුකම හිතෙන්නෙ මට
මල් අවාරය නිසයි ......
මල් පිපෙන කාලෙට විතරක්
තුරුලිය ලග ගැවසෙන,
එක්තරා අයුරක මිනිසුනි ඔබලා
මල් අවාරෙට කොහිසැඟවේදෝ
මට හිතෙන හැටියට
බිදිච්ච මිනිස්සු
නොබිඳුණු හදවතක් ඇතුව
මල් පිපුණු වසන්තයට
සිහින මවනවා ඇති
මල් අවාරෙට
ගස් වැල් වලටත් බලාපොරොත්තු ඇති
වසන්තයත්, මලුත්, මී මැසි ඔපරත්
එයාලගෙ කනට මී බිඳු වගේ ඇති
මේ අවුරුද්ද වගේම
ලබන්නාවූ අවුරුද්දෙත්
මල් පිපේවි, ඒවා පරවේවි
මේ ගස්වල වගේම
අපේ ජීවිතෙත් මල් පිපුනිනම්
කොච්චර ලස්සනද
ජීවිතේ මල් නොපිපුනත්
ගස්වල හරි මල්
පිපෙනවනේ
22/09/26
Photo Credit: Erriko Boccia
කවිය බලන්න
