සෙවනැලි

සෙවනැලි

මල්ලිකා මාරසිංහ

සඳ මිය ගිය වෙල්වට් අහස යට පාළුවම තවරාගෙන, මිය ගිය පිය සටහන් අතර තවමත් ලියමි මා වියෝ කව් ගී ... ​තාරකාවන්ගේ නෙත් අග රැඳුණු කඳුළු කැට දැක අතීතයේ ගිලුණු සෙවනැලි මුමුණයි හිත අද්දර ... ​නුඹේ මතකයේ මඳනල පිරිමදින මුත් මහද, සැඟව ඇත ඒ සුවඳ යට ඇණුනු විසකටුවල රිදුම්... ​බිඳුණු ප්‍රේමයේ වීදුරු කැබලි මත තාමත් පා තබයි ම'සිත, රක්ත වර්ණ රිදුම් අතරින් නුඹේ නම යළි යළිත් කොඳුරමින්... අලව්ව.
කවිය බලන්න