සූරියකාන්ත - නයනා සුම්ත්රාරචිචිගේ. කැනඩාවේ සිට.
සූරියකාන්ත හැරුණේ හැමවිට ඉර දෙසට,
ආලෝකය සොයමින් දින දින ජීවිතයට,
අඳුර ආවත් මඟ නොහැරී හෙටට,
දිනන්නට හැකිය දිරි ගෙන හිතට,
මල් පෙති වැටුණත් සුවඳ රැඳේවි සුළඟේ,
කඳුළු වැටුණත් සිනහවක් තියේවි හදේ,
පැරදුණු දවසක් හෙට ජයගන්නට තියේ
විශ්වාසය තියේ නම් ඔබේ හදවතේ.
සූරියකාන්ත ලෙස ඉර දෙස බලන්න,
කළු වලාකුළු අතර එලියක් සොයන්න,
මඟ වැරදුණතොත් අළුතින් හිතන්න,
ආයෙත් ගමනක් තුටින් අරබන්න.
කවිය බලන්න
