අසන්නෙක් වුවමනා කර තිබේ....
දරාගත් පසු බෝම දැනුන තැන් රිදෙන්නට
පලාවිත් පියඹලා නොහැකි තැන මිදෙන්නට
කතාවක් තියෙනවා හැමෝටම කියන්නට
වතාවක් හරි කෙනෙක් ඉඳී නම් අසන්නට
ගලායන කඳුළකින් පීඩාව දිය කරන්
මලානික ඇස් අගට සැනසුමක සුව අරන්
ඉරීගිය අතීතෙක පිටු අතර සැරි සරන්
අසාගෙන ඉන්න එක ලේසි නම් නෑ ඉතින්
එකින් එක ගලපලා කියද්දී රස නැතත්
තැනින් තැන නැවතිලා අසනකොට මොක වුනත්
ටිකෙන් ටික සැනසෙනා බිඳුන හද මෙන් හිතත්
තුටින් නිති පුරවාවි ඔබව අද මෙන් හෙටත්
කවිය බලන්න
