සාදු සාදු සාදු
සාදු සාදු ඔන්න එනව - ආලෝකා! සාදු
දොහොත් මුදුන් දී වඳිනව - අනේ මෙහෙම සර්දාවක් සාදු
සාම ගමන ඔහේ යනව - බල්ලට නෙත් සිත් යනවා සාදු
අඳ භක්තිය රජ වෙනවා - ධර්මය යටතට යනවා සාදු
බුදුන් අපට දෙසු ධර්මය - මහ පොළොවේ වැලලී ඇත
දළුලා පැළවී ඇත්තේ - වැඩකට නැති දේවල්මය
බුදු බණ දෙසනා හිමිවරු - හිතුමතේට නන් දොඩවන
අනේ අපේ සැදැහැවතුන් - සාදු සාදු සාදු
කෙසෙල් කොලේ බතක් බැඳන් - කන්න වෙන්නෙ නෑ
පයට එලපු කෙසෙල් කොලෙත් - ගන්න දෙයක් නෑ
ගහපු බෙරයෙකුත් නැතුවා - බෙරේ පලුවකුත් නැතුවා
සාදු සාදු බුදු - පෙරහැර සාදු
ආලෝකා යන්න ගියා පින් රැස් කරගෙන
බුදු පිළිමය බිම වැටුණු නොසිතූ මොහොතක
ඇතුන් ලවා අද්දන්නට බැරි ගිය නුවණට
සිහිනුවණින් සිතන්න කල එළඹීලා ඇත
