නූතන කුණ්ඩලකේශී ලා
ප්‍රේමයෙන් අන්ධ වී
රාගයෙන් මත්වී
රඟයි හිස උදුම්වා
කුණ්ඩල කේසියන් ලොවේ..
සත්ථුකට හද පුදා
කුල ගෙයට ගරහලා
සොරෙකුටම පෙම් කළා
කුණ්ඩල කේසියන් ලොවේ..
ගිරි කුළට කැඳවලා
මරණ බිය පෙන්වලා
රන් රුවට රැවටුණා
කුණ්ඩල කේසියන් ලොවේ...
මරණය අබියසදී
නුවණ ඇස් ඇරි නිසා
සොරා ගිරි කුළෙන් හෙළා
ජීවිතය දිනා ගත්තා එදා ...
වෙස් වළා සත්ථුකලා
අදත් මඟ රැක ඉඳී
මුළාවට හසු වෙලා
නූතන කුණ්ඩල කේසිලා ලොවේ...
තාක්ෂණේ මායාවේ
හදවතම කොල්ල කන
සොරුන් හට රැවටෙතී
නූතන කුණ්ඩල කේසිලා ලොවේ. .
හරි මගක් පෙනි පෙනී
කෙලෙස් වල දැවටිලා
මඟ සොයා ගත නොහී
නූතන කුණ්ඩල කේසිලා ලොවේ...
ප්‍රඥාව මතු කරන්
තියුණු ඇස ඇරියොතින්
බේරිලා යයි හෙටත්
කුණ්ඩල කේසියලා ලොවේ...
Photo Credit; Michael Dam
