කන්නට වෙන්නෙ හොදි නැති අල පලු යන්න....
දුන්නට දරණු බැරි බර ඇති බොරු ගොන්න
දුන්නට පැනලා ගත්තද සඳ. ඇති වෙන්න
පැන්නට හතර අත ගව රැළ දැවටන්න
කන්නට වෙන්නෙ හොදි නැති අල පලු යන්න
සිහිනෙක දැවටිලා සුන්දර කමක ඇලී
මන්දිර බිහිවෙලා ගින්දර ටිකට දිලී
දෙනකොට ගන්න එක වරදක මොමැත විලී
ඇට නැති දිවට මොන අපහසු කමද මිලී
සුපසන් සමාජයකට මුල පුරමි කියා
පසසන් බොහෝ දන උන් පසු පසම ගියා
එළුවගෙ බිජ්ජ දැන් දැන් බිම වැටෙති නියා
රැවටෙන තරම අකුරින් පද කෙලද මෙයා
Photo Credit: LOGAN WEAVER | @LGNWVR
