සුතුර නුඹ....

සුතුර නුඹ....

උදයංගනී විජේරත්න

සඳ සිසිල තරු වියන එළිය දෙන ලොවක
මඳ නලක මුදු සුවඳ තැවරුවද මලක
හදවතට සුව දැනෙන හුරු පුරුදු මතක
මදහසක මුසු කරමු නිවන දුටු දිනක..

සුතුර නුඹ තුන් සිතම නිවන හැමවරක
වැතිර ළඟ මං විඳිමි සුවය සඳවතක
අතර මඟ වෙන් නොමව ඇවිද ගිය දුරක
සසර දුක අත් හරිමු එකට එක භවෙක...

ඇවිද යන අතර මඟ සංසාර ගමනේ
සුවඳ විඳ කතර මැද අත්නෑර ගිමනේ
මහද සිඹ සුවය දෙන හංගාන විමනේ
පැහැද සිත එතෙර වෙමු පිංසාර නිවනේ...

ගලේවෙල

Photo Credit; Klemen Vrankar

කවිය බලන්න