ලෝකය

ලෝකය

මාලිනී හෑගොඩ USA

අයිසිං තැවරූ කේක් එකක්
උණුසුම් වී අයිසිං දියවී වැගිරෙයි
ඇතුළත ඇති දේ නිරාවරණය වෙයි
වැදගැම්මකට නැති පිටි ගොඩකි!

දවසින් දවස සුහුරු උපකරණ මතුවෙයි
මිනිසා දියුණු වූවා යයි පාරම්බායි
ලේ කඳුළු ලීටර් ගණනින් ගලා යයි
සහකම්නය නින්දට වැටී ගොරවයි

ඈත අවකාශයට යානා විදියි
ඈත සිට බලන විට
ලෝකය සොඳුරු යයි
කැමරාවෙන් බලා කියයි!
ඔය කැමරාව අතහැර එන්න
ළඟට එන්න තව ළඟට එන්න
සොඳුරු බව මියැදුණු බව පෙනෙයි!

2026 අප්‍රේල් මස 02 දින
කැලිෆෝනියාහී දීය.

කවිය බලන්න