වියපත් විහඟ

වියපත් විහඟ

ශර්මිලා බන්දුනි දන්වත්ත

විහඟෙකි ඔබ එදවස
සිතුණු විට
සිතුණු තැන පියැඹුව
රිසි තුරු හිසක ලැග
රිසි විරිතකට
පෙම් කවක් පබැඳුව

සිතේ ඇඳි කිරිල්ලිය
හමු වූ දින
තනුව හීලෑ වුණ
කුරුළු හදවතකි
ප්‍රේමයෙන් හිරිවැටී
කූඩුවන්නට සිත්වුණ

උදෑසන නැගිට
පාරේ බස් එකෙන්
වැඩට යන එන
පියාපත් වැඩී නැති පැටවුන්ට
මියුරු පල වැල ගෙන එන
හවස් කල වැතිර පුටුවක
පියාපත් පිරිමදින
ඔබ දැන් වියපත් කුරුල්ලෙකි
ගී ගයන්නට අමතක

කවිය බලන්න