මැදින් අට

මැදින් අට

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

අසාගෙන හිත ඉරෙන යවුල් වැනි රළු වදන් වසාගෙන ඇහිදාර නොවැටෙන්න වැහි අගින් විඳෝගෙන දුක සැපම සන්සුන්ව එක සිතින් බලාගෙන ඉඳී ඈ මහමෙරක සවි අරන් හීන හිත පිරෙන්නට තිබුනාට පැටිවියේ ගානකට නොගෙන එය හිමින් සඟවන් ළයේ පානකොට තම පැටව් රැඟුම් ලෝ කරළියේ පේනවද ඇගෙ මුහුණු දිළෙන හැටි හැම පැයේ කූඹියෙක් විදි දිනක වැළපුනත් පෙර කලෙක බෝ ගැඹුරු කැපුමකට හ්ම් නැතිය පිහි තුඩක ලේ බිංදු සඟවමින් දරුපෙමින් කිරි බිඳක සාගරේ වුව සිඳියි අවැසි වී නම් දිනෙක කාලි කන්නගි ලෙසින් රුදුරු වූවද ඇයට බෝ සතුන් සේ විටක මෙත් පැතිය හැක ලොවට කෝමහරි ලඝු කරන් මැදින් මාසේ අටට පාලනය කරන්නට නොසිතන්න කිසි ලෙසට Professor Manori Gamage MBBS, MD ( paed) DCH, FRCPCH (UK) Dean Faculty of medical Sciences University of Sri Jayewardenepura
කවිය බලන්න