සිල් රෙද්දට මුවා වී

සිල් රෙද්දට මුවා වී

චන්දන ෆොන්සේකා ලන්ඩනය

තුන්සිය හැටපස් දවසෙම බණ අසනා මිනිස්සු සිල් රෙද්දට මුවා වෙලා නිවන් සොයන මිනිස්සු ධර්මය හැර අන් සියල්ල කරනා අපෙ මිනිස්සු කාසි බලෙන් නිවන් යන්න දඟලන අපෙ මිනිස්සු දනට පිනට යකඩ කටෙන් ඇසුනොත් පමණයි යදින්නෙකුට තඹ සතයක් දෙන්න සිත් නොදෙයි සිල් ගත්තට ඕප දූප වලට හිත දුවයි සාදු සාදු කිවත් සිත තාම දුර්වලයි බණ ඇසුවට සිල් රැක්කට අවබෝදය බිංදුවයි කාසි ඇතොත් 'නිවන් පැකේජස්' දැන් දැන් බොහොමයි දෙසන්නෝ ද අසන්නෝ ද දැනගත යුතු දේ බොහොමයි නිවැරදි මඟ අත හැරුනොත් අවසානය දුකමයි
කවිය බලන්න