බල බල සොඳුරූ........

බල බල සොඳුරූ........

ඉනෝකා ප්‍රියංගනී මීගමුව

බල බල සොඳුරූ නිල්වන් මිහිය වැපිරූ මඳනලක තැවරූ රඟ දෙන සොබාවත මහරූ විද විද තෙපලූ සිරිලිය වනයි සැවුළූ පෙරඹරක වෙව්ලූ හිරු එබී මේකුළු හැරලූ සත සත පිනවූ ගෙවිලිය උරෙන් හැඩවූ දිවි කතර පිරවූ ගැමි සිරියකි බලන් සැඟවූ නද නද වැස්සූ කිචිබිචි සවන් සැනසූ කිරණ මල් ගැවසූ අරුණය පිනයි මල් පැවසූ තුට තුට ඉපිලූ සංතුට වහා ඇතිලූ කෙම්බිම ගම මලූ නිම්නද සැනෙකින් දවටලූ දකුණු තොහොල් ගී විරිතෙනි,,, මාත්‍රා 8,,,11,,,9,,,13
කවිය බලන්න