'දිත්වා' සුළි සර

'දිත්වා' සුළි සර

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

කළුවර වෙලා ගගනත‍ නන්වන සද්දේ

රළුවට දැනේ හිටිය ද කිවි රට මැද්දේ

රුදු සැර සුළං වැසී පොද දිත්වා විද්දේ

ලක්බිම වෙලාගෙන ඇහෙනව හැඩු සද්දේ

අදහනු කෙළෙස ද සොබා දහම් කත

ඉඟ සුඟ නටවයි පුහු දන හඬවන

ලක් මව ගැස්සුව ලියෙ නුඹෙ මෙ'නැටුම

නවතන් දැක ගෙන එ’දරුන් වැලපුම

කඳු හෙල් කපමින් ලෝකුරුවන් රැළ

ලොව රජයන බව නුඹ දැක කුපිතව

කඳු හෙල් ලංකා මෑණිය හැඩ කල

හෙලුවෙ ද බිම ජල රකුසන් සමගින

දෙවි වරු එන යන ලක්බිම ජන හද

සිසිල් කලේ මිනිසත් බව රකිමින

නුඹ දිගු කර දබරැ'ඟිල්ලෙ තුඩ අද

සෙමෙන් දුරුව යන බව පවසනු මැන

තවමත් කළු කරන් ලක්බිම වහින වැසි

අහසත් ලක් පොලවෙ හැම අඟලටම බසි

කඳුළුත් නැතිලු දරුවන් හට අඩනු රිසි

හත් දෙය්යනේ රැක දෙනු මව ලෙසින් නිසි

කවිය බලන්න