සතිශ්චන්ද්‍ර එදිරිසිංහ
සාහිත කලා වපසරිය තුළ
අමරණීය සටහනක් තැබු
රංගධර, අදියුරු
දෑ විලේ පිපි
අමිල සියපත
ඉකුත් දා දිවි රංග මඬළින්
යළි නොඑන්නට
බැසැ ගියා නොවැ
පුලුල් තිර සේ වේදිකාවේ
පුංචි තිරයේ රඟ මැවු
විටෙක දේශක,
විටෙක ලේඛක,
ලෙසින් බැබැළුණු යුගය
දශක ගණනාවකට විහිදුණි
අසූ හතරක් ආයු වළදා
නික්ම යන සද
මේ කුසුම් මිට
ඔබට පුදනුයෙ
විස්ව තලයේ
සුවඳ සැමදා
රැදෙනු. වස්
23/12/2025
