වියරු වූ දිය දම් දිනිතියට.............

වියරු වූ දිය දම් දිනිතියට.............

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

නපුරු වීලා රුදුරු වීලා හාදු වෙනුවට දුන්නෙ ගින්නක් දැවෙන ජීවිත පුබුදු වන්නට පැතුවෙ සැනසුම් සිසිල පින්නක් හරිත තුරු වැල් පුබුදුවා මල් හදන්නට ඉල්ලුවේ වැස්සක් පැතුම් ලොව වනසලා මේ ලෙස දුන්නෙ ඇයි ඔබ වියරු ගින්නක්. ගලා යන විට කඳු සිකර බැස සොඳුරු ලෙස මිහි මතින් පිම්මේ බලා සිටියෙමි අහිංසක ලෙස පෙම් බැඳන් ඔබ හට නිදැල්ලේ උනා දමලා සොඳුරු දැකුමන් වියරු වී නා කපන වැස්සේ මගේ පණ නල රැගෙන යන්නද මේ විලෙස කඳු මතින් බැස්සේ. රුදුරු වීලා ගලන ඇල දොළ ගලා යයි සමුදුරට විගසින් තලා දමමින් අහිංසක සිත් ගං දැල වල සිටින සතුටින් නිමා නැති වේදනා සදමින් දවා ජීවිත අපා විලසින් සිනා සෙන්නට හැකිද ගං දිය වලට සිත් පිත් ⁣නොමැති අයුරින්. දුකට මුල් වූ සොඳුරු දෑසම ඇයිද කළු වී දුකින් ඉන්⁣නේ ලබා දුන් දුක් වේදනාවන් සදා සිත් වල කොනක ඉන්⁣නේ වියරු වූවත් සොබාදහමයි සදා අප හා බැඳී ඉන්නේ තරහා නැහැ මං ඔබත් එක්කයි සොඳුරු වූ හෙට දිනත් ඉන්⁣නේ.
කවිය බලන්න