දැනගනිං දිත්වා
විපතක් එද්දි කොයිවිටදිත් ලංකාවේ
තිස් තුන් කෝටියම මගහැර පැන්නාවේ
හමුදා පොලිස් දෙවි පිහිටට උන්නාවේ
මිනිසුන් මිනිසුනට දිගු අත දුන්නාවේ
කළ මහ විනාශය ඇවිදින් නුඹ දිත්වා
අපි වට්ටන්න බැරි බව දැනගෙන යත්වා
සමුදුර මහා මේ ජලකඳ ගිල ගත්වා
හිරු රැස් පැමිණ භූමිය වියලා දෙත්වා
බැට කා කලක් නැගිටින මගකට ගොඩවී
සිටිනා අපට පසුබටවනු බැහැ බියවී
පෙන්වා බලය ජනතා සාමයෙ ගොනුවී
තනනෙමු හෙටක් යන්නට ලෝකය සෙලවී
කවිය බලන්න
