ඉරණම

ඉරණම

සුමිත්‍රා ආරියවංශ මහනුවර

සුළඟේ සැළෙන අතු අග තැණු කැදැල්ලේ රිසි සේ සැරිසරන විහඟෙකි නිදැල්ලේ නෙත රඳවමින් ඉරණම නම් කඩුල්ලේ අත්තටු සිඳී තනි වන්නෙකි සඳැල්ලේ සවිබල සිඳුණු පසු වරපට කඩුල්ලේ බොරදිය ඉතිර නිල් කලුරට ඇසිල්ලේ කැළඹිලි නැගි නැගී සුළි එක කැරැල්ලේ සිවු කොන් ලිහිල් විය සවි නැති කැදැල්ලේ සෙනෙහෙන් දැවටෙමින් එති එති එතී යතී නැහැඹුල් සුවඳ ඉව කරමින් කතී බොතී ඉටු දෙවි නොමැති දෙවොලෙහි වියැකෙමින් බැතී නිර්මල පුදසුනේ නිලමැසි ළැගුම් ගතී තනිකඩ දෙකඩ ඇති නැති උන් පවුල් වෙවී යති එති සතුටු වෙති කති බොති හවුල් වෙවී කටගැස්මකට විමසන විට  දිවුල් ලොවී සාදය නිමා විය බැඳි හිත අවුල් වෙවී දෙන ලෙස තින්දුව වරදට අයාලයේ අවනඩු අසන දින හිත නම් උසාවියේ දඬුවම නියම කර පෝරක පරාළයේ විත්තිය විනිසුරුද චූජක පලා ගියේ
කවිය බලන්න