දනිමි නුඹ ඉන්න වග

දනිමි නුඹ ඉන්න වග

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

බැඳී භවයෙන් භවය පැමිණ මේ සසර මග හිඳී අසළින් නිබඳ නිතින පා දෑතයුග සැදී නීතියෙන් පෙරට ඇදෙන්නට කටුක මග දිදී දිරියෙන් සවිය දනිමි නුඹ ඉන්න වග නෙතුපියන් පළා එන කඳුළුමල් වැස්ස යට සා දුකින් ඉකිගැසුණු සුසුම් සඟවා ලො වට රුදු ලොවින් ලබද්දී හද රිදුම් දුක් ගැහැට සෙනෙහසින් සිහිකරමි නුඹ දුන්න සවිය . මට නිලා කූරක් විලස දැවී යන ජීවිතය නොලා පරඬල් අතර දවා මනුසත් වනය වෙලා සෙනෙහස් ගඟුල නොවීමහ මහෝඝය ගලා යමු හෙටත් අපි නිමාකර ඉඩෝරය
කවිය බලන්න