ළමයි ඇවිත්..

ළමයි ඇවිත්..

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

සෙනෙහසක් නැති උදළු පහරට මිනී මල් ගස් දෙකම කැපුනා යන්තමින් නිදිකුම්බා පැලයක් හසුනොවීලා ඉතිරි කෙරුනා පුතාලට කිසිදා වෙලාවක් නැතෙන් කුළියට කෙනෙක් එවුනා වෙලාවක් නොබලාම දරුවන් වෙනුවෙන්ම අප දිවිය ගෙවුනා දුවලගේ මල් පොකුරු එකටෙක වැදෙයි බියවී දුරින් රැඳුනා ඉඩ ඇතත් සිටගෙන සිටිය තැන් සිව් දිශාවන් ලකුණු කෙරුනා එකම අත්තේ මල් වගේ ඒ කාලෙ හිටි හැටි සිහියෙ රැඳුනා මුහුණු නොබලා කථා නැතිවම යනව දැක අපි ආයෙ මැරුණා එක ලාම්පුව වටේ එදවස සහෝදර කමෙ එළිය දිලුනා තැනින් තැන ඉටි පන්දමෙන් අද අසමගියෙ කළු දුමක් නැගුනා මළවුන්ගෙ දා කඳුළු දරුවනි මව්පියන් සිත් ගෙනද හඳුනා නිදිකුම්බා හැකිලෙද්දි මිනීමල් නොමැති අඩුවත් තදට පෙනුනා
කවිය බලන්න