හඳුනාගැනීම

හඳුනාගැනීම

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

සාද මේස මත බඳුන් පිරී ඇත තොලට ගැටෙන විත පුබුදයි නෙත සිත සැලෙන දිගැස් වෙත බැමි පුපුරයි සිත ඉන් එකියක නෙත මට යොමුවී ඇත ඇය සුරූපි නැත කියයි මගේ සිත නැත ඒ කත වෙත මා හෙලුවේ නෙත රුවැති කතක් වෙත යොමුවෙයි මගෙ නෙත ඇගෙ නෙත මා වත දෙස හෙලුනේ නැත මා ලස්සන නැත ඇය සිතන්න ඇත එහි සැකයක් නැත කියයි මගේ සිත අබියස කැඩ පත බැලුවිට මෙන් වත විත මත් කළ සිත මා හඳුනා ඇත
කවිය බලන්න