අනිමිස ලෝචන
තෙරණිය සඟමිත්
හරසරින් වැඩම කළ
අප මහා බෝධියට
තේවාව කරන්නන්
අපහරණ කර ඇත
මිහිඳු හිමි තිත තැබූ
වන සතුන් දඩයම
ඇරඹිලා ආයෙමත්
සතුන්ගේ ඉඩම් වල
තේවාව කරන අත්
සතුන්ගේ රුධිරයෙන්
නැහැවිලා මුළුමනින්
වැඳ වැටෙයි බෝධියට
සතුන්ගේ මස් මාංශ
කපුවන්ගේ කුස තුළය
දනන් වෙනුවෙන් ඔවුන්
පතයි බෝධියේ පිහිට
කිලිටි වූ දෑත් ඔසවා
පිහිටවන ලෙස ඉල්ලුවත්
නිහඬව සිටී බෝධි මුලය
අනිමිස ලෝචනයෙන්
කවිය බලන්න
