මතකය …
මග හැරුණු
අත හැරුණු
මග දාපු
හිත් තවම
කොතන හෝ
හුස්ම ගනු
දැනෙනවා
ඒ මතක
සදාකල්
වරින් වර
මතුව විත්
හදවතම අළු කරල
දමනවා
අතීතෙක මතක බණ
කියා ගනු
නොහැකි වී
හැමදාම
එකම තැන
තැවෙනවා
අවසාන හුස්මටික
යනකන්ම
හිතේ යට
මතකයන්
හුස්ම ගනු
දැනෙනවා
Photo Credit; Caleb Ekeroth
කවිය බලන්න
