ප්‍රේම රාග පරස්පරය

ප්‍රේම රාග පරස්පරය

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

සොඳුරිය නොවේ සත්‍ය ය අපේ ප්‍රේමය ඔබේ ප්‍රේමය මගේ ප්‍රේමය බලා විදසුන් දෑස් යොමුකර පසක් කරගන්.... නුරා රසය ම පමණි එය අපේ දෑඟිලි එකට එක් කළ එදා ඇද වැලඳ සිඹ ගත් අපේ ප්‍රේමේ නොහිම් සුව ගෙවී යන විට යෞවනය කොහි ගියේ දැයි කියන් මට පිපෙන මලකට අරුත දෙන්නට සුවඳ ගෙන නල සැරිසරන්නට බමරු ඒ මල සොයා එන්නට හීන ඕනෑ හිත පිරෙන්නට පෙම් ගීත ආපසු ඇවිත් පාරනාවිට දෙසවන හද නිදා හුන් යහනින් නැඟී හිත මුලා කරලයි පැරණි මතකයෙ යන්නට ම ගිය...එක දවසක 11-06-2024 170-පිටුව "නොකියවන කවි යමපුරවත්"
කවිය බලන්න