නිවෙමි

නිවෙමි

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

පෙර ඉඳන් ලියවුණා සිතු සසර කතාවක සිර කරන් හැම පැතුම් මලුත් නැති අවාරෙක පරදුවට තැබු දිවිය සඟෝගෙන සිනාවක දුර ඉඳන් සිහිකරමි රස මතක අතීතෙක ඇඳ ඇඳා වෙරළ මත මැවෙන නන් රටා පෙළ හඬ හඬා මකන හැටි දකිමි මුදු සයුරු රළ ගල ගලා වැටුන'මුදු කඳුළු මත කොපුල් තල සිත සිතා අසමි ඇයි දුක ඉතිරි ලෙසම මුල පිපුන එක තරු ඇසක් හැඩැති මහ රටාවක වැටුන විට විට ගිලිහිලා පැටලිලා මුලාවක සිතුන මුත් අඳුරු වෙයි එළි නිවී පළාතක දිලෙන හැටි දැක නිවෙමි ශේෂ තරු නිශාවෙක
කවිය බලන්න