අපේ ගම

අපේ ගම

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

පිරිසිදු සඳ රැසින් වන මල් පොකුරු දිසේ ඇල දොළ ගලන දිය දහරක ශබ්ද ඇසේ විහඟුන් පළඟැටින් මී මැසි ගීත රසේ සුදු කොක් රෑන ඉගිලෙන විට යාය වැසේ කැප්පිටියා පඳුරු අතරින් කහඹිලියා වැල් එතෙමින් නැගෙන දම්පැහැ බෝවිටියා වත්තේ පහල වෙල'සල බිම තුත්තිරියා එරමුදු පැල ඉනිද වැට බඳිමින් සිටියා දිවුල් අඹ පේර බෙලි ගස් මවන රසේ ගොරක දොඹ වෙරළු සපු ගස් උසට උසේ කොස් පොල් දෙල් කෙසෙල් කුස්සිය අවට ඇසේ නාරන් ජම්බු වැල වරකා සුවඳ ඉසේ ගොයම් කපති සැම එක්වී සමගි වෙලා පාවර රකිති පැල් රකිමින් එකතු වෙලා ගම්බද සිරිය අද හෙමිහිට ඈත බලා ගොස් ඇති බවකි දිස්වන්නේ සිතද තලා
කවිය බලන්න