අහිමි වූ වසන්තය
වසත් සමය හැඩ කළ
අතු රිකිලි මැලවිලා
හරිත පැහැ දිදුල පත්
බිම වැටී වැතිරිලා
සුරත් ඵල දැරූ තුරු
මුදුන් අග හිස් වෙලා
දේදුන්න පැහැය ගත්
කුසුමියෝ පර වෙලා
ගලන දිය නිසල වී
පළිඟු කැට දිලිසිලා
ඇද හැලෙන හිම තුහින
ධවල වරුසා මවා
මේ කුළු සෙවණැලි වැටී
හාත්පස අඳුරේ වෙළා
සිසිර කල සීතලෙන්
ඇහිදාර ගැහෙනවා
දරා ගත් සෝ තැවුල්
හසකැනින් පීදෙනා
ඇහැ අරින අතු රිකිලි
හරිතයෙන් දිදුලනා
නටු අග කුසුමන් පුරා
දේදුනු පැහැ තවරනා
ගිලන් සිත සනසනා
වසත් කල සොයනවා
කවිය බලන්න
