නොගැළපෙන ගැළපිල්ල

නොගැළපෙන ගැළපිල්ල

සනත් කුමාර ප්‍රනාන්දු පියතුමා (දි. ගැ. නි. ) මහනුවර

කතක් සිටියා මගේ දොරකඩ පටියකින් අත වෙළාගෙන... වැහැරිලා ගිය තරුණ අම්මෙක් හඬන දරුවත් වඩාගෙන… මගේ මිනිහා ගහපු පාරට ඔළුව පැළුණා අතත් කැඩුණා… බොන්න දෙන්නයි මගේ දරුවට කිරි පැකට්ටුව සොයන්නේ… කුසට අහරක් නොමැති හින්දයි ඊයේ ඉඳලා හඬන්නේ... ගංජා තිබුණා කියා ඌ ළඟ ඊයේ පොලිසිය ඌව ගත්තා… ගැහුවත් ඌ මගේ මිනිහනේ කනේ කරාඹුව උකස් තිබ්බා... හිරේ ඉන්න කොට දුකක් දැනුණා ඌට ඇප දී බේර ගත්තා… ගෙදර එන්නට පෙරම අයියෝ ඌට සික් එක ආයේ හැදුණා... බිම දමා ගෙන මට ම ගහලා තිබුණු සතයත් ඌ ම ගත්තා… යන්න හිතුණත් දාලා යන්නම දෙන්නේ නැහැ හිත අනේ මන්දා... මගේ ළඟ ඉඳ උගේ පණ මෙන් ආදරේ දුන් කාලේ හින්දා... පාප මිත්‍රයෝ ඇසුරු කරලා මතට ලොල් වී සතෙක් වූවා... මගේ කරුමෙද උගේ කරුමෙද තවම මගේ හිත උණුත් වෙනවා... අතේ දරුවා මාස හතරයි කුසට ඌ තව එකෙක් දුන්නා...
කවිය බලන්න