අඬහැරය

අඬහැරය

දිමුතු ප්‍රසාද් උඩුගමසූරිය පානදුර

සමනළ කන්ද මුදුනේ සිට පැන නගිනා සතර මහා ගංගාවනි මෙය අසනා කයෙහි රුවා හංගාගෙන ඔය සිටිනා මිණිකැට කුමට දෙනු එය දන වෙත හඩනා බෑවුම් දිගා වෙයි තැනි මත දඟ පෙන්නා ඒ මත යටව යන්නෙත් දන දුක දන්නා වන හිස අහිමිවී ගිජිදුන් මොරදෙන්නා වාවනු බැරිව දුම්රිය මගටත් පැන්නා සූකිරි වගෙයි කිව්වට ඒ මිදුණු ලුණු බෝ දින ගෙවුනි ඒ රසයත් තිත්ත වුනු අඳුරු වළාකුළු ආහසෙන් පහව යනු පායන හිරුට පුබුදන්නට ඉඩ හරිනු මුව මී ගෝණ ඇත් සේනා යුතු වනය රැකගත යුතුය එයමය ජාතික ධනය කවියක ඉතිරි කර ඒ පද අඬහැරය පොරව වෙඩිලි දෙන පිළිතුරු කළුවරය කලුවන් කලු රුවින් පිරි ගම මදින්න අවදිව යළිත් කිතුලට ගොඩ වඳින්න එතෙර මෙතෙර මත් යකුනට නොදෙන්න මණ්ඩි නැතුව රස සැමටම බෙදන්න එගොඩ මෙගොඩ රත්තරනින් පිරෙන්න බක් මාසේ කජු පුහුලන් ඉදෙන්න නීල ගොයම සරු සාරෙට පැහෙන්න වැස්ස වළාහක නිසි කල වැටෙන්න සෙවණැලි අවදි නොම වීලම නිවෙන්න කටුසර වන්නියේ දුක ගැන බලන්න ළුණු මිරිස් තල් හකුරුත් ගෙනෙන්න නෑගම් ලෙසින් උතුරට ගොඩ වඳින්න ගුණ නැණ බෙලෙන් යුතු දරුවන් දිනේවා තරු රැස විලස උන් දෙරණේ දිලේවා සැම මෙත් හදින් මන දැළ හැර ඉඟිලේවා මගෙ රට අරුණ මැද දියුණුව වැඩේවා
කවිය බලන්න