දුවේ පුතේ.
මලක් සේ පිබිදෙන්න
ගුණ සුවඳ පතුරන්න
මල්ගසක් වී නැවත
දහස් මල් පුබුදන්න.
සඳක් සේ බබලන්න
සොමි කිරණ විහිදන්න
එකලු කොට මිහිමඬල
සැමට සිසිලස දෙන්න.
දිනිඳු සේ පායන්න
තෙද බලය පෙන්වන්න
නිවී සැඟවී යලිදු
ලහිරු සේ මුඳුවන්න.
සයුර සේ සපිරෙන්න
ණැන ගුණය පුරවන්න
දුක් සුසුම් විඳ දරා
නිහඬ බව සුරකින්න.
මිනිස්කම් හඳුනන්න
බි කිරට වගවෙන්න
සැබැ මිනිසෙක් ලෙසින්
දෙපයින්ම සිටගන්න.
මිතුරුදම් සුරකින්න
සෙනෙහස බෙදාගන්න
ළබැඳි පැතුඅය නැතොත්
තනි ඇතෙක් සේ ඉන්න.
Photo Credit; Benjamin Manley
කවිය බලන්න
