වසන්තයට මඟ ම බලමි
මහාමීදුම් කැරළි ගැලුවා
ඔතාගෙන කඳු පියසම
විදාහිරුගේ කිරණ නිවලා
තබන්නට සිතු විලසම
සවන් අද්දර නෑසුනා තව
කුරුළු කිචි බිචි පහසම
නිසල සටනක හිරුත් ඉන්නැති
බෙදන්නට එළි ලොවටම
සීත ගනදුරු සළු ඔතාගෙන
ඈත ගව්දුර නොපෙනෙන
පේන සිතුවම් මකාදැම්මද
දෑසමානෙට බොඳවෙන
හීනමල්පෙති ඇසිල්ලක තව
පිපෙන්නට බැරි ලතවෙන
හීනදහසක සිතුම් රන්දා
ඹමරු සමනලු දුක්ගෙන
ඇන්දු සිතුවම් වසා තිබුනත්
සීත සළුපට ඉරාන
බිංදු රංඑළි කිරණ ආවා
ටිකින්ටික දුක දරාන
බිංදු පිණිකැට එකින් එක ගෙන
තණපිඩැල්ලට එලාන
මන්ද නාවේ හිරුකුමරු තව
ඉඳින්නෙමි මඟ බලාන
ගංදොරින් එන සීත හුළඟට
නෙත්කෙවෙනි ඇති පේවී
හිත් මලෙක ,සුව සිහින පිණිකැට
පතුලෙ හදටම යාවී
මත්කරන් නෙක පාන සිතිවිලි
මෙත්පැනින් සිත්, නෑවී
හෙමින් ගොනුකර තැබුවෙමී මං
මනසෙ පතුලට ,හාවී
විදාහිරුරැස් දසාතට තව
බෙදාදෙන්නට බැරිවම
බලැති කුමරුත් ලතැවි ඉන්නව
මීදුමෙක කඳු අතරෙම
බොඳවෙලා යන ලෙසින් සළුපට
හීගතුවෙ රැළි මකලම
ඉතින් නැගියන් කුමරුවෙනි හිරු
වසන්තෙට දොර ඇරලම
කවිය බලන්න
