නිවන් සොයා බව කතරේ එකට යමි.........
සවන් යොමා ඇවිටිලි බස් ඇසූයෙමි
නුවන් පුරා තරුවක් වී සිනාසෙමි
ගිමන් නිවා මද්දහනෙත් සෙවනදෙමි
නිවන් සොයා බව කතරේ එකටයමි
රිදුම් තැවුල් හිත කොනහන වෙලාවට
නැවුම් කවි ගොතමි ජන්දස් කලාවට
පියුම් අරන් හිරු එන විල් තලාවට
ගැයුම් ඇසේ බිඟු මුවරද මුලාකොට
නගින විටදි කදු පල්ලම් පසු නොබැස
ඇනෙන කටු තිඹුල් ඉවසා සාපවස
තුහින වැටෙන මීදුම් පායන දවස
සිහින විමානෙට පාවී යමු දිගැස
ඉල් මහ වැස්ස ආවත් ගං දෙගොඩ තලා
වැල් පාලමෙන් යමු නොසැලී එතෙර බලා
ඇල්මෙන් දෝත පා පරසතු කුසුම් නෙලා
දල්වමු පහන් වැට අදුරට නුවන් හෙලා
සිදුරු සොයා ලොව වෙහෙසෙන බවක් හැඟේ
මිතුරු සුළං රැලි චන්ඩව ඉහල නැගේ
අතුරු අන්තරා පිරි මාවතක් දිගේ
ඉතුරු දුරත් යමු දුක පැණි රසක් වගේ
කවිය බලන්න
