දැවෙන ලොවක මෙලෙක සොයා...
වසඟ කරන තාලයටම
ගිණිසිළු රඟදෙන්නේ
මිහිර දෙවන ආරයකට
හදවත සසැලෙන්නේ
නිතර දැවෙන රාගයටම
කුමටද ඉඩදෙන්නේ
දහම මියෙන දාකටමද
හැමටම සිහිවෙන්නේ
දැවෙන ලොවක මෙලෙක
සොයා කොයිබද ඇවිදින්නේ
දිලෙන නිවෙන එළිය බලා
කුමටද රැවටෙන්නේ
දිවිය ගෙවන අයුරු දැනා
යහපත වපුරන්නේ
නොදැන යනෙන ගමන පුරා
වෙහෙසකි උතුරන්නේ
පියුම පිපෙන ගොහොරු මඩේ
කවදද නවතින්නේ
අරුම ගෙනෙන දසුන මැවේ
කුමටද රැවටෙන්නේ
නරුම ලෙසින වියරු වෙතේ
කරුමය ඵලදෙන්නේ
දිනුම ලැබෙන සසර මඟේ
දහමට නතුවෙන්නේ....
Photo Credir; cheng feng
කවිය බලන්න
