නත්තල් සීයා එනවා අසිරි නත්තලේ
කුළුඳුලේ සිහිතලේ - දිළිඳු ගව ලෙනේ
බිළිඳු ජේසු කුමරු උපන් - මහිමයේ පිනේ
තාරකා පිපී ලොව - ඒකාලෝක දිදී
සාම කුමරු ලොවට ම දුන්- අසිරිමත් දිනේ
අසිරි නත්තලේ! අසිරි නත්තලේ!!
පාපයෙන් මුදා දී - සාමයත් කළ උදා
කල්වරි කන්දේ දී - කුරුසියෙ මත ම නිදා
හිසෙහි කටු ගසා - වැගිරූ ලේ මතින් එදා
සැම දනාගෙ පාපය - සින්ඳ ද දිවිය පුදා
ජේසු සමින්ඳ ! ජේසු සමින්ඳා !!
දුක් සංතාපය සෝ ගිනි - සිත් කම්පා නැති කර සති
ඔබ එන්නෙ ද ඇසිල්ලකින් - සතුට දෙවාලන්නට නිති
සතුට සමාදානය නිරතුරු ව - සම ලෙසින් රජයන
ලොවක් තනන්නට පිවිතුරු - එනු මැන සිත් තුළ ඉඩ ඇති
සාමෙ රජින්ඳා ! සාමෙ රජින්ඳා !!
එදා දිළින්දන්ට හොරෙන් - හොරෙන් දුන්නු සතුටු තෑගි
මෙදා සැමට බෙදා හදා ගෙන - ප්‍රේමය වඩන අනගි
පිණි මුවන්ගෙ හිම කරත්තෙ - නැඟ අරගෙන තවත් තෑගි
නත්තල් සීයා එනවලු - මේ වසරෙත් අපට සමගි
ජේසු උපන් දින සමරන - කාගෙත් සිත සතුට සදන
අසිරි නත්තලේ! මේ අසිරි නත්තලේ!!
2026.12.01
Photo Credit; Sergio Zhukov
කවිය බලන්න
