සමනල සඳෙස -31

සමනල සඳෙස -31

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

සමනලයා දුටු දියැලි 3 අලුපොල ඇල්ල දියකිඳුරිය - 31 515. මල් පල එමට පීදුණු තුරුලිය සොළවා නල රල හමයි ඇගෙ බඳ කිකිණිය නළවා හස රල උපද්දවමින් විළි බිය පළවා අලුපොල ලිය ගලයි පෙම සිත තුළ අළවා 516. හ`ඩ තුරු වදුලෙ පැටලී කෝකිල යුද්දේ වෙණ සංගීතයක සර නැඟ එයි බැද්දේ දළුපත් සුළගෙ වෙළෙමින් උපදන සද්දේ මම තනි වීමි සෙවුමට වන පෙත මැද්දේ 517. මා සිත සේ ම නෙක හදවත් වසී කළ ලා-ලිත ගමන සිඳු හිමි ළඟ මුලා කළ පා-ලිත කරන එකෙකු ද නැත මෙලෝ කල ඈ වත බලන්නට එයි නන් දෙසින් හෙළ 518. එ- ද මල් කෙමි සැළී මී මුසු නල සුව‌ දේ වැ-ද නැහැයට දැනේ රසගෙන එන නිබ‌දේ මැ-ද තැනිතලාවකි සුව දෙන සිත සබදේ ඇ-ද ගෙන හැළෙන අලුපොල කුමරිය එ මැදේ 519. මාලති ගිරා සූටික්කන් ඈ සියොතින් කූඩු ද තිබේ වඩු අතු අග බැඳි රහසින් පැණි බර හිඹුටු මාදං ඇති බැද්ද සොඳින් හ`දුනයි මට වඩා එහි පල බුදින සතුන් 520. හදවත් පතුලෙ ඇය ගැන මගෙ ඇති රුති ය දැකුමෙන් ඇය තවත් වැඩි කර තුඟු ගති ය සේලය - මෑත් - කරමින් මේ රූ - මති - ය ගලමින් වේගයෙන් පෙන්වයි හිමි බැති ය 521. සුකොමල සුපෙම් ගති ඇති සුරවියක වගේ අමතක කරනු කෙලෙස ද මුදු ගතිය ඇගේ පැහැදෙන අය අතරෙ සිත්-පිත් නොමැති රගේ දනවයි පඳුරු දැවටී ඇගෙ නටන ඉගේ 522. වෙහෙසත් මහන්සිය හා රළු ගතිය මඟ දැනුණෙන් පහස වින්දෙමි ඇගෙ බ‌දෙහි සුඟ වන සිවු පා සිටින මේ සුරතලිය ළඟ හො`ද හැටි දනිති උන් ඇගෙ රස-පසගෙ රඟ 523. කලින් - කල වෙනස් වන පරිසරය දියේ නුඹෙ ලස්සන කොතැන-කොහොම ද මැකී ගියේ නිබඳ ව නොනැවතී දුර යන සවාරියේ අමතක නොවේ මට අලුපොල කුමාරියේ (මතු සම්බන්ධයි.) 2025.12.01
කවිය බලන්න