ප්‍රතිරූප බිඳ හෙළන්නා
පියා දැරු නිල බලය හින්දා පාසලක් හිමිවුණා
මට යාන වාහන ධනය ඇත්තන් වෙතට මගෙ සිත නතුවුණා
තුරුණ ජවයෙන් සිතැගි ලෙස ගුම් නාද දී විකසිත වුණා
පාසලේ නොමනා එවුන් යැයි පාසලෙන් අප නෙරපුණා
නිල රථත් ඇත, මිල මුදල් ඇත, රාත‍්‍රිය දහවල වුණා
මධු මතින් අප හා රඟන්නට යෞවනියො බෝ පේ වුණා
නසා දමමින් සියලු සම්පත් කලක් සිතු ලෙස වැජඹුනා
පියා හිරගෙට, මවගෙ මරණය අහෝ විපතක් සිදු වුණා
කරුමෙකට මං ඉපදුණාදෝ? සියලු දේ මට වැරදුණා
සියලු සඟයන් දසත විසිරී ගිය මඟක් මට නොපෙණෙනා
නිලංකාරව අයාලේ යමි හිතට සැනසුම සොයමිනා
මටත් පහළින් සිටි එවුන් කර පටි පැළඳ ඔජ වඩවනා
කන්ද මුඳුනෙන් වැටී පාමුල පැල්පතක දුක් විඳිමිනා
ගත කරන පව්කාර දිවියකි වෛරයෙහි ගිනි දැල්වෙනා
රාජකීයෙන් උරුම කඩුවෙන් දිනමි දිරියෙන් සිතු ලෙසා
ඒඅයිගෙ සරණින් ලබා අවි සරමි මත් කෙසරිඳු ලෙසා
මහසභා මැද වසුරු සලමින් තනා ගමි ප්‍රතිරූපය මනා
නසමි, වනසමි මහා පඬුවන්, කලා ලොව රන් සිළු මනා
වාද ගින්නේ දවමි ප්‍රති රූ නසමි යොවුනන් අභියසා
රටක කරුමය පෙරට ගෙන යන පරපුරක් තනමිය මනා
සරත් විජේසූරිය
13, සැප්තැම්බර් 2025, ශ්‍රී ලංකාවේ දී
කවිය බලන්න
